ලොකු පුතාට මී පාසානම් කැව්වා, චුටි පුතාගේ මුණට කොට්ටයක් තියලා තද කරගෙන හිටියා

මිනිස්සු විශ්වාස කරන්න අමාරු කාලයක් මේක. ඒ වගේම තමයි ආදරේ කියලා පුංචි වයසෙදි හැඟීමට වහල් වෙලා ගන්න තීරණ නිසා ජීවිත පවා විනාශ වෙලා යනවා. ඒ විදිහට තමන් ආදරේ කරලා විවාහ වෙලා මවක් වූ තරුණියකට අත්වුණු ඉරණමක් ගැන කියවෙන සංවේදී කතාවක් අද අපි ඔබට ගෙන එනවා

“මට චුටි පුතා ලැබෙන්න ඉන්දෙද්දී හීරාන්ගේ වෙනසක් දැක්කා. ගෙදර ඒම ටික ටික අඩුවුණා. මම මානසික සහ කායිකව හරියට දුක්වින්දා. පුතා හම්බවුණාට පස්සෙත් මට හරියට ඉන්න තැනක් වත් කන්න ටිකක්වත් තිබුණේ නෑ. විඳවලා විඳවලා එපාම වෙච්ච තැන හිතුවා මායි දරුවෝ දෙන්නයි අපි තුන්දෙනාම මැරෙන්න ඕන කියලා.”

“එහෙම හිතලා ලොකු පුතාට මී පාසානම් කැව්වා. චුටි පුතාගේ මුණට කොට්ටයක් තියලා තද කරගෙන හිටියා. ඊට පස්සේ මාත් මී පාසානම් කාලා දරුවෝ දෙන්නා උරහිස් දෙකේ තියාගෙන නිදාගත්තා…. ඒත් උදේ වෙද්දී මැරිලා තිබුණේ චුටි පුතා විතරයි. මායි ලොකු පුතයි ජීවතුන් අතර හිටියා” එසේ කියමින් ඇය හඬයි. ඉකිගසමින් හඬයි. දිගුසුසුම් හෙලමින් ළය සැහැල්ලු කරගත්නා ඇය යළිත් ඉකිගසයි.

ලාබාල වයසින් විවාහ දිවියට එළැඹ දරුවන් දෙදෙනකුගේ මවක්ව තවමත් 20 වැනි වියේ පසුවන ඈ සිය සැමියා නිසා වින්ද දුක් ගැහැට අපමණය. මේ තරින්දි නම් ඇයගේ දුක් බර කතාවයි.

දියණියන් තිදෙනකුගෙන් සමන්විත පවුලක බාලයා වී උපන්, තරින්දි හැදුණේ වැඩුණේ මවු තරුලේමය. එහෙත් අවසානාවකට තරින්දිට වයස අවුරුදු දොළහ පිරෙද්දි තරින්දිගේ මව මොලොවින් සමු ගත්තාය.

මවගේ වියෝවත් සමඟම තරින්දි ආරක්ෂා කිරීමේ වගකීම පැවරුණේ තරින්දිගේ අක්කලා දෙදෙනාටය. තරින්දිගේ පියා ද තරින්දිට දැඩිලෙස ආදරය කළේය. තරින්දි ඉතා සුන්දර තරුණියකි. වයස අවුරුදු 14 වෙද්දී ඇයට තිබුණේ 18 හැවිරිදි තරුණියකගේ පෙනුමකි.

පැහැපත් සුදු පැහැ සමක් ද උසට සරිලන මහතක් ද රතුවන් දෙතොලක් ද කතා කරන දෙඇසක් ද හිමි ඇය දෙස එක් වරක් බැලූ ඕනෑම අයෙක් යළිත් හැරී බලනවා නොඅනුමානය. ඇය එතරම්ම පිරිපුන්ය. සුන්දරය.

“ඒ දවස්වල මාත් එක්ක යාලුවෙන්න පිරිමි ළමයි කිහිප දෙනෙක්ම ආවා. අක්කලා දෙන්නා නිතරම මට සැර කරලා මාව බය කරලා තියාගන්න හැදුවා. ඒත්… මම ඒ ලෙවල් ක්ලාස් එකේ හිටපු හිරාන් එක්ක යාළුවෙලයි හිටියේ. එයා මගේ අක්කාගේත් යාළුවෙක්. ”

“හිරාන් ඒලෙවල් කරලා ඉවර වුණ ගමන්ම මට බඳිමු කිව්වා. එතකොට මං දහයේ පන්තියේ. හිටියේ ඉතින් අපි දෙන්නා පැනලා නුවර ගියා. ඊට පස්සේ අපේ අප්පච්චි අපි දෙන්නව ගෙදරට ගෙන්වලා කසාද බැන්දුවා.”

අතීතය සිහි කරන තරින්දිගේ මුහුණ විටෙක ප්‍රසන්න වේ. විටෙක දුක්බර වේ.

“හිරාන්ට රස්සාවක් තිබුණේ නෑ. අපි දෙන්නා බැන්ඳට හිරාන්ගේ පැත්තෙන් හොඳටම විරුද්ධ වුණා. හිරාන්ගේ තාත්තා කිව්වා බැන්දාට කමක් නෑ දෙන්නා ගෙවල් දෙකේ ඉන්න කියලා. ඒ අනුව මම අපේ ගෙදර හිටියා. හිරාන් එයාලගේ ගෙදර ගියා.”

“ටික දවසක් යද්දී මට දරුවෙක් ලැබෙන්න ඇවිත් කියලා දැනගත්තා. මම හිරාන්ට කිව්වාම එයා කිව්වා දරුවා නැති කරමු කියලා. මම ඒකට කොහෙත්ම කැමති වුණේ නෑ. හිරාන් එයාගේ ගෙදර අයට කියලා එයාගේ අම්මයි අක්කයි ඇවිත් මට හොඳටම බැනලා ගියා.”

ඇය තමාට දරුවෙක් ලැබෙන්නට සිටින බව එතෙක් ඇගේ පියාට හෝ අක්කාට හෝ කියා තිබුණේ නැත. තරින්දි මවක වන්නට යන බව දැනගත් පසු තරින්දිගේ පියා හිරාන්ට ද සිය නිවෙසට පැමිණ නතර වන ලෙස කියා සිටියේය. ඒ අනුව හිරාන් තරින්දිගේ නිවෙසෙහි නතර විය. ඊට සති කිහිපයකට පසු හිරාන් රැකියාවක් ද සොයා ගත්තේය.

“මට අම්මාත් නැති නිසා හිරාන් එයාගේ අම්මාට කියලා තිබුණා මාව බලගන්න කියලා. බබා හම්බවුණාට පස්සේ මම හිරාන්ලාගේ ගෙදර නවත්වා ගත්තා.”

හිරාන්ගේ වැඩිමල් සහෝදරිය සිය සැමියාගෙන් දික්කසාද වී වයස අවුරුදු 5ක් පමණ වන දියණියද සමඟ මවගේ නිවසෙහි පදිංචියට පැමිණ සිටියා ය.

“අක්කායි එයාගේ බබායි එක්ක ඉන්න හරි අමාරුයි. මම දරුවත් අරගෙන අපේ ගෙදර ආවා. මගේ අප්ච්චියි අක්කායි අපට හොඳට සැලකුවා. ඒ වුණාට හිරාන් කිව්වා අපි වෙන ගෙයක් අරගෙන පදිංචි වෙමු කියලා.”

ඒ අනුව තරින්දිගේ නිවෙස ආසන්න කුඩා නිවෙසක් කුලියට ගත් හිරාන් තරින්දි හා දරුවා ද රැගෙන එහි පදිංචියට ගියේය. තරින්දිගේ පියාට නිවසක් තිබුණේ නැත. ඔවුන් සිටියේද කුලී නිවෙසකය. නිවෙස් දෙකකට කුලි ගෙවීමට අවශ්‍ය නැති බව තීරණය කළ තරින්දි ගේ පියා සිය කුලි නිවෙස තරින්දිට දි අවිවාහක දියණියත් සමඟ සිය ඥාති සහෝදරයකුගේ නිවෙසෙහි පදිංචියට ගියහ.

“හිරාන්ගේ පපුවේ හිලක් තිබුණා. ඒ නිසා මම එයාව ගොඩක් ආදරයෙන් සැලකිල්ලෙන් බලා ගත්තා. එයා වැඩ ඇරිලා එද්දී පාන්දර 2 -3 විතර වෙනවා. එයා යාළුවොත් එක්ක බොන්න පුරුදු වෙලා හිටියා. එයාට බිව්වම හරියට අමාරු වෙනවා. එයා බීලා ආවමත් මම හරි ආදරෙන් සලකගෙන හිටියා.”

දින සති මාස ගෙවි ගියේය. යළිත් දරුවකු ලැබෙන්නට සිටින බවක් තරින්දිට දැණිනි.

“යුරින් ටෙස්ට් කළා. දරුවෙක් හම්බවෙන්න ඉන්න බව තහවුරු වුණා. දුක සැප දෙක අතරේ කාලය ගෙවී ගියා. එතකොට මගේ බඩට මාස 7ක් විතර ඇති. හිරාන්ගේ අක්කාගේ දුවගේ උපන් දිනේට පාටි එකක් තිබුණා. එයාලා හරි වෙස්ටන් විදිහට හිටියේ. මට ලොකු බඩකුත් එක්ක මෝස්තර කරන්න අමාරුයිනේ. මම නිකම් ගවුමක් ඇඳගෙන පුතාත් අරගෙන හිරාන් එක්ක එහේ ගියා.”

“එයාල මාව එච්චර ගණන් ගත්තේ නෑ. මං කොන් වෙලා වගේ දැනුණා. මම ඔහේ පැත්තකට වෙලා හිටියා. හිරාන්ගේ අම්මා ළඟ ගෙදරකට කෑම එකක් අරගෙන ගියා. මමත් අම්මගේ පස්සෙන් ගියා. ගිහින් ඇවිත් බලනකොට හිරාන් ගෙදර හිටියේ නෑ. එයාගේ යාළුවෙක් හිටියා. හිරාන් කෝ කියලා ඇහුවම එයා දැක්කේ නෑ කිව්වා.”

තරින්දි නිවසින් එලියට බැස වටපිට බැලීය. ලයිට් කණුවකට මුවා වී සෙලියුලර් දුරකතනය කණේ තබාගෙන සිටින හිරාන් දුටු තරින්දි ඔහු ළඟට ගියාය. තරින්දි ළඟට එනු දුටු හිරාන් දුරකථනය විසන්ධි කොට සාක්කුවේ දමා ගත්තේය.

“කාටද ඒ කෝල් කළේ…?”

“නෑ… මේ… කියමින් එයා කන කහන්න ගත්තා”

මේ කතාව සම්පූර්ණ මුසාවක් බව තරින්දිට වැටහිණි. ඇය හිරාන්ගේ දුරකථනය ගෙන අවසන් වරට ඇමතුම ගත් අංකය බැලුවේය. නයනි නැමැති අයකුගේ අංකයකට ඇමතුම ගත් බව තරින්දි දුටුවා. තව දුරටත් දුරකථනය පරීක්ෂා කිරීමේදී නයිනි ට යැවූ කෙටි පණිවිඩ ද තරින්දිට නිරීක්ෂණය වූවාය. “මම හිරාන්ගෙන් නයනි ගැන ඇහුවා. එයා කිව්වා මගේ යාළුවෙක් කියලා. මට එයාව හම්බවෙන්න ඕන කිව්වම හිරාන් කිව්වා එයා නුවර ඉන්න කෙනෙක් කියලා. හිරාන් ගේ කකුල් දෙක අල්ලලා වැඳලා කිව්වා මට මෙහෙම කරන්න එපා කියලා”

නයිනි ගේ දුරකථන අංකය ලියාගත් තරින්දි එතැනින් නැවතුණේ නැත. එම අංකයට දුරකථන ඇමතුමක් දුන්නාය.

“මම කතා කළේ රසිකගේ අක්කා විදිහට. ඊයේ පාටි එකෙන් පස්සේ රසිකට අසනීප වුණා. එයා ඔයා ගැන කිව්වා. ඒකයි මම කතා කළේ. ඔයා කොහේද ඉන්නේ” තරින්දිගේ පැනයට නයනි දුන් පිළිතුරත් සමඟ තරින්දිට බොහෝ සේ දුක සිතිණි.

“අක්කේ….. මමත් වැඩ කරන්නේ හිරාන්ගේ ඔෆිස් එකේ”

සිදු වී ඇත්තෙත් කුමක්දැයි තරින්දිට පැහැදිලිය. ඇය තමාට නයනි හමුවිය යුතු බව හිරාන්ට කීවාය. හිරාන් එය ප්‍රතික්ෂේප කළේය.

“මං පුතාටත් අන්දව ගෙන, අපේ විවාහ සහතිකෙයි පුතාගේ උප්පැන්න සහතිකෙයි අපි දෙන්නා බැඳපු දවසෙ ගත්ත ෆෝටෝසුයි අරගෙන හිරාන්ගේ ඔෆිස් එකට යන්න ලෑස්ති වුණා. ඒ පාර හිරාන් බයික් එකේ මාවයි පුතාවයි එයාගේ ඔෆිස් එකළඟට එක්කගෙන ගියා.”

හිරාන්ගේ කාර්යාලයේ වැඩ කළ සජිත් නැමැත්තා තරින්දි ද හඳුනන්නීය. තරින්දි සජිත්ට කතා කොට නයනි ගැන විමසීය. සජිත් ගේ කීම මත නයනි තරින්දි හමුවීමට පහළට පැමිණියාය.

“නයනි ආවම මම ඇහුවා මගේ මහත්තයත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද කියලා” ඉට්ස් අ ජොක් කියලා නයනි මට බනින් පටන් ගත්තා. මම කිව්වා ඔයාට මේක ජෝක් එකක් වුණාට මට දරුවෙක් එක්ක ජෝක් නෙවෙයි කියලා. නමුත් කතාව දිගින් දිගටම ගියා. අන්තිමේදි නයනි පොරොන්දු වුණා මේ සම්බන්ධය අත් හරිනවා කියලා. ඊට පස්සේ ගෙදර ගිහින් පාඩුවේ හිටියා”

ඉන් පසුවදා හිරාන්ගේ එතරම් වෙනසක් දකින්නට තිබුනේ නැත. දවසේ පැය 24 න් වැඩි වේලාවක් තරින්දි ලොකු පුතා සමඟ තනිව නිවසේ ගත කළාය. මේ කාලයේදී සුළු බහින් බස් වීමකදී පවා තරින්දිට පහර දීමට හිරාන් පෙළඹී සිටියේය.

“එදා මට බබා හම්බවෙන්න සති දෙකකට කලින් දවසක හිරාන් හොඳටම බීලා පාන්දර ගෙදර ආවා. මට අමාරු නිසා ගෙයි දොර ඇරියේ අප්පච්චි. මට බබා හම්බවෙන්න ළඟ නිසා අප්පච්චියි අක්කයි මං හිටපු ගෙදරට ඇවිත් හිටියේ. කාමරේට ගිය හිරාන් හොඳටම වමනය දැම්මා. මම ඒවත් සුද්ද කරලා ඇඳේ හාන්සි වුණා.”

ඇත්තටම මේ දරුවා මගේම ද?

“හිරාන් මගේ බඩට අති තියලා ඇහුවා. මම කිව්වා ඔව් ඔයාගේ නැතිව වෙන කාගෙද? මං වනචර ගෑණියෙක් කියලා හිතුවද” කියලා හිරාන්ගෙන් ඇහුවා.

“තව දවස් කිහිපයකින් දරුවා ලැබෙනවා නේ ඊට පස්සේ අපි ඕන තැනකට ගිහින් චෙක් කරවලා බලමු දරුවා ඔයාගෙද නැද්ද කියලා. මම වනචර නෑ. එහෙම චෙක් කළොත් ඔයාට ඔප්පු කරගන්න පුළුවන්නේ”

දෙවැනි දරුවා පිළිසිඳ ගැනීමට මාස කිහිපයකට පෙර දිනක හිරාන් තරින්දි ද ලොකු පුතාද කැටුව රාත්‍රී පි‍්‍රය සම්භාෂණයට එක් වූහ. එදින හිරාන් ඇති පදමට බිවේය. සාදය තිබුණේ රසිකගේ යාහලුවෙකුගේ නිවසේය. සාදය අවසන්ව සියලුම දෙනා නිවෙස් බලා ගියත් රසිකට නිවෙසට යාම සඳහා ද සිහියක් කල්පනාවක් නැත.

දරුවාටත් තරින්දිටත් නිදා ගැනීම සඳහා හිරාන්ගේ මිතුරා කාමරයක් පිළිගැන් වූ අතර හිරාන් හොඳ හැටි වෙරි වී සාලයේ සැටි පුටුවේ නිදාගෙන සිටියේය.දරුවා නිදිගන්වා ඔහු අසලින් ඇල වූ තරින්දිට ඇස් පියවෙන්නට ආවා පමණි. කවුරුදෝ තමා ස්පර්ශ කරනු දැණිනි. ඇය තිගැස්සී දෑස් හැර බැලීය. ඒ හිරාන්ගේ මිතුරාය. මිතුරා හෙමීටම යන්න ගියේය. තරින්දි යළිත් නින්දට වැටිණි. කව්රුදෝ ඇය බදාගනු නින්දෙන්ම තරින්දිට දැණිනි. තරින්දි කෑ ගසාගෙන ඇඳෙන් පැන්නාය. යහළුවා අතුරුදන් විය. ඇය හිරාන් සිටි පුටුවේ වාඩි වී එදින රාත්‍රිය ගත කළාය. ඊට දිනකට දෙකකට පසු තරින්දි මේ සිදුවීම් හිරාන්ට පවසා තිබිණි. එය සිතේ තියාගෙන සිටි හිරාන් තරින්දි හා ආරවුලක් ඇති කර ගැනීම පහසු කර ගැනීම සඳහා කුසේ සිටින දරුවා තමාගේ නොවන බවක් පෙන්වීමට උත්සාහ ගත්තේය.දැන් දරුවා ලැබීමට ආසන්නය. මාස තුන හතරක සිට හිරාන් ගෙදරට මුදල් දුන්නේ නැත. ඒ පිළිබඳ විමසූ විට හිරාන් කියා සිටියේ කාර්යාලයේ පවතින ප්‍රශ්න හේතුවෙන් වැටුප් නොලැබුණු බවකි. තරින්දිගේ පියා තරින්දිට සියලු දේ සපයා දුන්නේය.

දරුවා ඉපදී රෝහලේ සිට ගෙදර කැන්දන් ඒම සඳහා හිරාන් කාර්යාලයේ කාරයක් ගෙනවිත් තිබිණි. තරින්දි දරුවා ද සමඟ කාරයේ පිටුපස අසුනේ වාඩි වූවාය. එම අසුනේ කොනක ජංගම දුරකථන බිලක් තිබෙනු දුටු ඇය එය නිකමට මෙන් පරීක්ෂා කළාය.ඒ බිල හිරාන්ගෙය. මාසයේ බිල රුපියල් දහතුන් දහසකි. එක දිගට දුරකථන ඇමතුම් අරගෙන තිබුණ අංකය තරින්දිට මතකය. ඒ අංකය නයනිගේය.

හිරාන් මෙන්ම නයනි ද තරින්දිට පවසා තිබුණෙ දෙදෙනා අතර සම්බන්ධයක් නැති බවයි. එහෙත් ….ඒ දෙදෙනා අතර තද සම්බන්ධයක් පවතින බව දැන් සාක්ෂි සහිතව ඔප්පු වී හමාරය.

අලුත උපන් දරුවා ද රැගෙන නිවෙසට ගොඩ වූ තරින්දිට තමා දුටු දෙය ගැන තව දුරටත් විමසා සිටිය නොහැකි වූවාය. ඇය ඒ පිළිබඳ හිරාන්ගෙන් විමසුවාය. එවිට ඔහුගෙන් ඇයට ලැබුණ පිළිතුර වූයේ ගුටි බැටය. ඇය දරු දෙදෙනා ද මරා තමා ද දිවි නසා ගන්නට තීරණය කළේ ඉන අනතුරුවය.

“මට කවදා එලියට යන්න ලැබෙයිද කියලා දන්නේ නෑ. ඒත් එලියට ගියත් මොනවා කරන්නද කියලා මට හිතාගන්නවත් බෑ.”

ඇය කඳුළු පිරි දෑසින් සුසුම් හෙලමින් එලෙස පැවසුවේ තමා ජීවිතය පිළිබඳ තිබූ සියලුම බලාපොරොත්තු අත්හැරිව බවද අඟවමිනි.

ස්තුතියි ඔබට සුබ දවසක්

නිරෝගී පුද්ගලයෙක් දිනකට මුත්‍රා කීවරක් පිට කල යුතුද සැම කෙනෙක්ම මෙම ලිපිය කියවන්න

මුත්‍රා පිටවිම ක්‍රමවත්ව සිදු වනවාද නැද්ද යන්න පිළිබදව අද බොහෝ දෙනා දැනුවත් වි නැති තරම්.

මුත්‍රා පිටවිය යුත්තේ කෙසේද, ප්‍රමාණය, කාල පාරාසය, පිටවන ආකාරය, මෙන්ම මුත්‍රා ආශ්‍රිත රෝග පිළිබඳව ඔබ දැනුවත් කිරිමට යනාදිය පිළිබදව ඔබ දැනුවත් කිරිමට අද අප හා එක්වනුයේ ජාතික රෝහලේ මෞත්‍ර ලිංගික රෝග පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය නෙවිල් පෙරේරායි.

සාමාන්‍ය නිරෝගී පුද්ගලයකුට පැය 4 – 5 කට වතාවක් මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය දැනෙන අතර මුත්‍රා කිරීමේදී කිසිදු අවහිරයක් නොමැතිව මුත්‍රා ප්‍රමාණය ගලා ගෙන යෑමක් සිදුවිය යුතුයි. ඒ ආකාරයට සිදු නොවුණොත් රෝගයක මූලික ලක්‍ෂණ ලෙස හැඳින්විය හැකියි.

මුත්‍රා අමාරුවක් හටගැනීමේදී ඇතිවන රෝග ලක්‍ෂණ මොනවාද?

මූලික රෝග ලක්‍ෂණ වන්නේ මුත්‍රා කිරීමට අපහසුතාවයයි. මුත්‍රා කිරීමට අවශ්‍ය වුවත් මුත්‍රා කිරීමට ආරම්භ වන්නේ ටිකක් ප්‍රමාද වීමෙන් පසුවයි. ඇතැම් විට තටමමින් ටික වේලාවකට පසු මුත්‍රා පිටවන්නෙට පටන් ගන්නවා. සාමාන්‍යයෙන් අවුරුදු 45 පසුවූ පසු මෙවැනි රෝග ලක්‍ෂණ මතුවනවා. එවිට ඔවුන් සිතන්නේ මේ තත්ත්වය වයසත් සමඟ ඇතිවන ප්‍රශ්නයක් යැයි සිතා එතරම් තැකීමක් කරන්නේ නැහැ. නමුත් මෙය රෝග ලක්‍ෂණයක්. ඕනෑම වයස් සීමාවක අවුරුදු 70 – 80 වුවත් මුත්‍රා රෝගයක් නොමැති ඕනෑම කෙනෙකුට මුත්‍රා එක දිගට ගලා යාමක් සිදුවනවා. එමනිසා එකවර මුත්‍රා පහව නොයනවා නම් එය රෝගයක ලක්‍ෂණයක්.

ම තවත් රෝග ලක්‍ෂණයක් වන්නේ මුත්‍රා කඩින්කඩ පහවීම සාමාන්‍යයෙන් මුත්‍රා ප්‍රවාහය තත්පර 30 – 40 කාලයක් තුළදී අවසාන විය යුතුයි. සමහරුන්ට මුත්‍රා පිටවන්නේ කඩින් කඩ. ඒ නිසා තත්පර 30 – 40 වඩා කාලයක් ටික ටික උත්සාහයෙන් මුත්‍රා යවා ගත යුතු තත්ත්වයක් උදාවනවා.

ම තවත් රෝග ලක්‍ෂණයක් වන්නේ අධික මුත්‍රා දැවිල්ල. මුත්‍රා පිටවීමේදී ගිනි වතුර පිටවනවා සේ දැවිල්ලක් ඇතිවනවා.

ම මුත්‍රා බර දැනුණු විට අවට පරිසරය ඒ සඳහා සූදානම් නොමැති නම් ස්වභාවධර්මයා විසින් මුත්‍රාශය තුළ මුත්‍රා රඳවාගෙන සිටීමට ශක්තියක් තිබෙනවා. සාමාන්‍යයෙන් පැය 1/2 ක් හෝ පැයක් අතර කාලයක් රඳවාගෙන සිටිය හැකියි. මුත්‍රාශයේ ක්‍රියාකාරීත්වය අනුව සංඥාවක් එනවා මුත්‍රා කිරීමට අවශ්‍ය බව.

නමුත් ඒ මොහොතේ වැසිකිළියට යාමට අවශ්‍ය නැහැ. ස්වභාවයෙන් මුත්‍රාශය තුළ මි. ලී. 150 පමණ එකතු වනතුරු දරාගැනීමට හැකියාවක් තිබෙනවා. (සාමාන්‍යයෙන් මුත්‍රාශය තුළ මි. ලී. 400 පමණ එකතු විය යුතුයි.) නමුත් යම් යම් රෝගවලදී මේ දරාගැනීමේ ශක්තිය නොමැති වනවා. මෙලෙස රෝගී වූ අයට දරාගැනීමේ ශක්තිය නොමැති නිසා එතනම මුත්‍රා යන්නට පුළුවන්. එසේ නොමැති නම් වැසිකිළියට යද්දී මගදීම යනවා.

සාමාන්‍යයෙන් වයස 45 පසු සමහර අයට මුත්‍රා සහ ලේ පිටවනවා. එය බොහෝ විට මුත්‍රා පද්ධතියේ පිළිකා රෝග ලක්‍ෂණයක්. මුත්‍රා සමඟ ලේ පිටවීමේදී දැවිල්ලක් ඇතිව හෝ දැවිල්ලක් නොමැතිව ලේ සමඟ මුත්‍රා පිටවනවා. බොහෝ දුරට දැවිල්ලක් නොමැතිව ලේ සමඟ මුත්‍රා පිටවීම පිළිකා රෝග ලක්‍ෂණයක්. නමුත් වේදනාවක් ඇතිව රතුපාටට මුත්‍රා පිටවනවා නම් එය බොහෝ අවස්ථාවලදී මුත්‍රා ආසාදනයක් ලෙස සැළකිය හැකියි.

විශේෂයෙන්ම කුඩා පිරිමි දරුවන්ගේ මුත්‍රා වේගවත් ලෙස පිටවිය යුතුයි. එසේ නොවන්නේ නම් උත්පත්තියේ සිටම එය මුත්‍රා මාර්ගයේ හිරවීමක් බවට සනාථ වන්නට පුළුවන්. උත්පත්තියේදීම දරුවාගේ මුත්‍රා මාර්ගයේ මස් වැදලි තිබෙනවා. මේ මස්වැදලි නිසා මුත්‍රා ගමන් කිරීම අවහිර වනවා. වේගය අඩුවෙනවා. එවිට දරුවා තටමමින් මුත්‍රා කිරීමට නිරායාසයෙන් පෙළඹෙනවා. මෙම රෝගී තත්ත්වය හොඳින් විමසා බැලිය යුතුයි. ඉක්මන් ප්‍රතිකාර කළ යුතුයි. නැතිනම් අනාගතයේදී වගුකඩු අකර්මන්‍ය වීමට ඉඩ තිබෙනවා.

මුත්‍රා බැහැරවීමේ වේගය අඩුවීමක් ඇතිවනවා නම් මුත්‍රා මාර්ගයේ විෂබීජයක් ඇතුල්වී මුත්‍රා මාර්ගයේ කැලැල් ඇතිවනවා. එය ඇතිවන්නේ මුත්‍රා මාර්ගය ඇතුලේ. මුත්‍රා මාර්ගය බටයක් ආකාරයෙන් පිහිටා ඇති නිසා බටේ සිදුර කුඩා වනවා. තරුණ වයසේ පසුවන්නෙක් (අවුරුදු 20 – 25) මුත්‍රා ප්‍රවාහය ඉතා අඩු වශයෙන් සිදුවන බව පවසනවා නම් එය සමහර විට සමාජ රෝග නිසා වන්නට පුලුවන්. පිරිමි අයගේ මුත්‍රා මාර්ගය පිහිටා ඇත්තේ මතුපිට නිසා ඇතැම් විට බයිසිකල් පැදීමේදී බයිසිකල් බාර් එක මතට තැලුණොත් මුත්‍රා මාර්ගය තැලෙනවා. කාලයක් ගිය පසු මුත්‍රා මාර්ගය වැසෙන්නට පටන් ගන්නවා.

වයස් ගතවීමේදී ඇතිවන තවත් ප්‍රශ්නයක් තමයි පුරස්ථි ග්‍රන්ථියේ ඇතිවන රෝගී තත්ත්වය. පුරස්ථි ග්‍රන්ථීය යනු ශුක්‍රාණු සඳහා පෝෂණය ලබාදීමට තරලයක් ශ්‍රාවය වන ග්‍රන්ථියක්. වයසත් සමඟ ඒ කාර්ය ඉෂ්ට වීමෙන් පසු ක්‍රමයෙන් මේ ග්‍රන්ථීය විශාල වන්නට පටන් ගන්නවා. පුරස්ථි ග්‍රන්ථිය මැද්දෙන් මුත්‍රා මාර්ගය ගමන් කරනවා. එවිට පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීමෙන් මුත්‍රා මාර්ගය හිරවීමට ලක්වනවා.

වයස්ගත කාන්තාවන්ට මුත්‍රා කිරීම අපහසු වන්නේ ඔසප් වීම අවසන් වූ පසු සිරුරේ නිපදවන හෝර්මෝන අඩුවීමෙන් මුත්‍රා මාර්ගය ඇකිලීමකට ලක්වෙන නිසා මුත්‍රා සමඟ රුධිරය පිටවීම අතිශයින් භයානක රෝග ලක්‍ෂණයක්. එය පිළිකාවක ලක්‍ෂණයක්. මෙවැනි අවස්ථාවකදී වෛද්‍ය විද්‍යාවේ නීතියක් තිබෙනවා, මෙම තත්ත්වය පිළිකාවක් නොවන බව පරීක්‍ෂණවලින් ඔප්පු වනතුරු පිළිකාවක් ඇති බව සිතා දිගටම පරීක්‍ෂණ කළ යුතුයි.

මුත්‍රා ආශි‍්‍රත රෝග හඳුනා ගැනීමට කළ යුතු පරීක්‍ෂණ මොනවාද?

මූලික වශයෙන් මුත්‍රා පරීක්‍ෂණයක් Urine Full Report කළ යුතුයි. මුත්‍රාවල විෂබීජ තිබේද, මුත්‍රාවල ලේ තිබේද? මුත්‍රාවල විෂබීජයක් තිබේ නම් දිය යුතු ඖෂධ මොනවාද යන්න පළමුව සොයා බැලීමට Urine Culture මුත්‍රා කල්චර් ඛ්ලම නැමැති පරීක්‍ෂණ කළ යුතුයි. පසුව වකුගඩුවලට මේ ප්‍රශ්නය බලපා ඇත්දැයි සොයා බැලීම සඳහා Blood Urea ක්‍රියැටිනින් නැමැති ලේ පරීක්‍ෂණ කළ යුතුයි. පසුව උදරයේ X – Ray එක්ස් රේ පරීක්‍ෂණයක් කළ යුතුයි. මේ X – Ray පරීක්‍ෂණ හරහා මුත්‍රාශයේ හෝ මුත්‍රා මාර්ගයේ ගල් තිබේදැයි පරීක්‍ෂා කර ගත හැකියි. පිළිකා සෛලවලින් යම් යම් වෙනස්කම් කටුවල ඇතිවී ඇත්දැයි සොයාගත හැකියි.

වඩාත්ම වැදගත් පරීක්‍ෂණය වන්නේ අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්‍ෂණයයි. නමුත් එය කළ යුත්තේ මුත්‍රා මාර්ගයට අවශ්‍ය දත්තයන් ලබාගත හැකි අයුරින්. සමහර විට Ultra Sound පරීක්‍ෂණයට රෝගයක් නැතැයි සඳහන් වනවා. නමුත් එයින් මුත්‍රා රෝගවලට සෑහීමකට පත්විය යුතු වන්නේ නැහැ. ඒ නිසා පළපුරුදු විශේෂඥ වෛද්‍යවරයකුගෙන් Ultra Sound Scan එක කර ගත යුතුයි.

වෛද්‍යවරයා විසින් මුත්‍රා රෝග සඳහා ඒ ප්‍රදේශයේ සියල්ලම ආවරණය වන පරිදි අදාළ ඉන්ද්‍රියන් පිළිබඳව සවිස්තර වාර්තා ඇතුළත් උදරයේ Ultra Sound Scan එකක් අවශ්‍ය බව දන්වා යැවිය යුතුයි. එවිට පිළිකා, පුරස්ථි ග්‍රන්ථිය, වකුගඩු නරක් වී ඇත්ද ආදිය පිළිබඳව සවිස්තර වාර්තාවක් දැනගත හැකියි. සාමාන්‍යයෙන් උදරයේ Scan එකක් කිරීමෙන් පමණක් මේ දත්තයන් ලබාගත නොහැකියි.

Ultra Sound පරීක්‍ෂණය බොහෝ අය කළත් එම පරීක්‍ෂණයෙන් සාර්ථක දත්ත ලබා ගත හැකි වන්නේ පළපුරුදු වෛද්‍යවරයෙකුගෙන් පමණයි. එය සත්‍යතාවය තීරණය වන්නේ Ultra Sound යන්ත්‍රයේ ප්‍රමිතිය සහ කරන්නාගේ පළපුරුද්ද මත හේතුව වෛද්‍යවයා රෝගය තීරණ ගන්නේ Ultra Sound Scan පරීක්‍ෂණයෙන් දැක්වෙන දත්තයන් මත නිසා.

මෙම සුවිශේෂ වූ උතබපච Ultra Sound Scan පරීක්‍ෂණය නම් කරන්නේ කුමක් ලෙසද?

Ultra Sound Scan of K. U. B. (Kindey Ureter Bladder) නමින් සඳහන් කළ යුතුයි. එවිට වකුගඩුව සහ මුත්‍රා මාර්ගය ආශි‍්‍රත සියලුම දත්තයන් මෙයට අඩංගු වනවා. මෙය තමයි වැදගත්ම පරීක්‍ෂණය ලෙස සැලකිය හැක්කේ.

එසේම මුත්‍රාශයේ යම් යම් ප්‍රශ්න තිබෙනවා නම් තවත් වැදගත් පරීක්‍ෂණයක් තිබෙනවා. එය endoscopy පරීක්‍ෂණය. මෙය හඳුන්වන්නේ Cystoscope පරීක්‍ෂණය ලෙසයි. මුත්‍රාශය ආශි‍්‍රත පෙදෙස හිරිවැටීමකට ලක්කර පොඩි උපකරණයක් මුත්‍රා මාර්ගයට ඇතුළත් කර මුත්‍රාශය තුළ ඇති සියලුම තත්ත්වයන් දැකබලා ගත හැකියි.

එවිට මුත්‍රාශයේ ඇතුළේ ඇති පිළිකා, ගල්, පුරස්ථි ග්‍රන්ථියේ විස්තර මේ සියල්ලම බලන්න පුළුවන්. Scan පරීක්‍ෂණවලින් මතුවන සැකයක් ඇත්නම් එය ස්ථිර කර ගැනීම සඳහා.

මුත්‍රා අඩස්සිය යනු කුමක්ද?

මුත්‍රා අඩස්සිය යනු මුත්‍රා පහවීම නතර වීමයි. මුත්‍රා කැඩි කැඩී පිටවීම, සෙමින් පිටවීම ආදියට නිසි ප්‍රතිකාර නොගැනීමෙන් අවසානයේදී උදාවන තත්ත්වයයි. අඩස්සිය යනු සාමාන්‍යයෙන් මුත්‍රා පිටවිය යුතු කාලසීමාව වන පැය 4 – 5 කාලයක (මුත්‍රා පිරුණට පසු) මුත්‍රා පිටනොවනවා නම් එය මුත්‍රා අඩස්සියයි.

නිරෝගී පුද්ගලයෙක් දිනකට කී වතාවක් මුත්‍රා කළ යුතුද?

සාමාන්‍යයෙන් මුත්‍රා පිරීමේ වේගය පැයකට මි. ලී. 60 යි. මුත්‍රාශයේ පරිමාව 350 හෝ 360 වනවා. එවිට දවසට 4 – 5 වතාවක්වත් මුත්‍රා කිරීම කළ යුතුයි.

රාත්‍රී කාලේයදී අවම වශයෙන් පැය 6 – 7 – 8 නිදාගන්නා පුද්ගලයකු මුත්‍රා කිරීම කළ යුතු වන්නේ කොතරම් කාලයක් තුළදීද?

රාත්‍රී කාලයේදී නිපදවන මුත්‍රා ප්‍රමාණය දවල් කාලයේ නිපදවන මුත්‍රා ප්‍රමාණයට වඩා අඩුයි. ස්වභාවධර්මය සකස් වී ඇත්තේ ඒ ආකාරයෙන්. ඒ මිනිසාට සුවදායක නින්දකට යොමුකිරීම සඳහා සාමාන්‍යයෙන් මි. ලී. 350 – 360 අතර තිබෙන නිසා උදේ වනතුරු නැගිට මුත්‍රා කිරීමට අවශ්‍ය නැහැ. නමුත් රාත්‍රියේදී නින්ද කැඩී අවදි වී මුත්‍රා බරක් ඇතිවේ නම් එයත් රෝග ලක්‍ෂණයක්. එය බොහෝදුරට දියවැඩියාව රෝග ලක්‍ෂණයයි.

සීතල දිනවල වායුසමනය කළ කාමරවල සිටින අයට අධික ලෙස මුත්‍රා පිටවන්නේ ඇයි?

සීත කාලයට දහඩිය දැමීම අඩුයි. දහඩිය තුළින් සිරුරේ ජල ප්‍රමාණයක් ඉවතට යනවා. දහඩිය දැමීම අඩු වූ විට මුත්‍රා ලෙසින් ඒ දහඩිය පිටවීම සිදුවනවා. වායුසමනය කළ කාමර තුළදීත් සිදුවන්නේ ඒ තත්ත්වයයි.

ශරීරයේ ජලය අපවිත්‍ර ද්‍රව්‍ය ඉතිරි වන්නේ මුත්‍රා සහ දහඩිය මගින් වන නිසා දහඩිය අඩුවෙන් පිටවන දිනවලදී මුත්‍රා පිටවීම වැඩිවනවා. නමුත් රාත්‍රිය 7 – 8 ගමනක් නැගිට නින්ද බාධා වී මුත්‍රා පිටවන්නේ නම් එය රෝගයක්. සාමාන්‍යයෙන් අවුරුදු 45 පසු වූ විට රාත්‍රීයේදී එක් වරක් පමණක් මුත්‍රා කිරීමට යෑම රෝගයක් නොවෙයි. රාත්‍රියේ නිතර මුත්‍රා කිරීම, දියවැඩියාව, පුරස්ථි ග්‍රන්ථියේ රෝග සහ ස්නායු රෝග නිසා සිදුවනවා.

දීප්ති ෆොන්සේකා මහත්මිය

ස්තුතියි ඔබට සුබ දවසක්

නිළියක් ආදරේ ඉල්ලුවොත් සොරි කියලා තමයි කියන්න වෙන්නේ – අවසන් ගමන් ගිය දසුන් කියපු කතාවක් මෙන්න

අප හැමෝගෙම ආදරය දිනාගෙන හිතුවෙවත් නැති මොහොතක දසුන් නිශාන් ගැන තවමත් හැමතැනම වගේ කතාවෙනවා. ඔහු හැමෝවම දාලා පසුගිය දවසක අවසන් ගමන ගියා. මේ වෙන්ව යාමට හේතුවුණේ නිළියක් සමඟ ඇතිකරගත් ප්‍රේමයක් කියලයි හැමතැනම වගේ කතාවුණේ. නමුත් ඔහු මිය යන්න කාලකයකට ඉහතදී ඔහු සම්බන්ධ වූ මාධ්‍ය සාකච්ඡාවක දී යම් දිනක නිළියක් ඔබගේ ප්‍රේමය අයැද සිටියොත් ලබා දෙන උත්තරය කුමක් දැයි ඇසූ විට දසුන් ලබා දී තිබුණේ මෙවන් පිළිතුරක්.

දැන් බලන බලන තැන යන්නේ දසුන් , දසුන් / සමහරුන්ටනම් එපා වෙලත් ඇති එත් ඔබ ඔහුගේ මෙම කතාව මොහොතක් කියවා යන්න එවිට සියල්ල පැහැදිලි වේවි

කොහොමද දසුන්

මම හොඳින්

ටෙලිවිෂනය තුලින් නිතර පේන්න ඉන්න එකෙන් වාසියක්‌ තියෙනවද?

මේකෙන් සිදුවෙන්නෙ අවාසියක්‌. අර කතාවක්‌ තියෙන්නෙ නිතර දකින කුකුළගෙ කරමලේ සුදුයි කියල. ඒ වගේ ප්‍රේක්‍ෂකයන්ට අපිව එපාවෙන්න පුළුවන්.

මේ තත්ත්වෙන් මිදෙන්න ඔබ අනුගමනය කරන්නේ මොනවගේ පිළිවෙතක්‌ද?

මේ වෙනකොට මම ප්‍රතිපත්තියක්‌ විදියට මියුසික්‌ වීඩියෝ වලට පෙනී සිටීම නතර කරල තියෙන්නෙ. මොකද නිතර නිතර අපිව දැක්‌කහම අපේ වටිනාකම අඩුවෙනව කියලයි මම හිතන්නෙ.

ඒ කියන්නෙ දසුන් දැන් ඩිමාන්ඩ් කරන නළුවෙක්‌.

නෑ. ක්‍ෂේත්‍රයේ දීර්ඝ කාලීනව රැඳෙන්න නම් එහෙම හිටියොත් හරි කියන තැනයි මම ඉන්නෙ. නළුවො විතරක්‌ නෙමෙයි ඕනම කෙනෙක්‌ රෙස්‌පෙක්‌ට්‌ එකට ජීවත් විය යුතුයි.

මේ විදියට රෙස්‌පෙක්‌ට්‌ එකට ඉන්න දසුන් වැඩකරන්න කැමති නිළියො කවුද කියන්න පුළුවන්ද?

එකෙන්ම දිනක්‍ෂි – ශලනි – විනූ – වොල්ගා

මොකද්ද ඒ විශේෂය

මේ වෙද්දී වැඩිපුර මම වැඩ කරල තියෙන්නෙ මේ අය එක්‌ක. ඊළඟ කාරණේ තමයි අපි අතර පවතින අෙන්‍යාන්‍ය අවබෝධය.

එතකොට පැරණි නිළියන් එක්‌ක වැඩකරන්න අවස්‌ථාවක්‌ ලැබුණොත්

ඒකද? ඒක මේ ජීවිතේ ලැබෙන ලොකුම භාග්‍යයක්‌ ලෙස සලකනවා.

නිළියන්ට පුංචි තිරයේ පෙම් කරන ඔබට හැබෑවටම හිතගිය නිළියක්‌ නැද්ද.

නැහැ. ඒ හැමෝම ක්‍ෂේත්‍රයේ මාත් එක්‌ක එකට ඉන්න සහෝදරියෝ.

අහම්බෙන් හරි නිළියක්‌ ඔබේ ආදරේ ඉල්ලුවොත්

සොරි කියල කියන්න තමයි වෙන්නෙ.

එතකොට ඔබේ හිතගිය කෙනෙක්‌ ඇත්තෙම නැද්ද?

ආ… එහෙම කෙනෙක්‌ ඉන්නවා.

ඇය කවුද කියල දැනගන්න ඔබේ රසිකයො කැමති වේවි.

ඒ ගැන පස්‌සෙ කියන්නම්. එතකන් මගේ රසිකයො මං කවුද කියල දැනගත්තොත් ඇති.

රංගනයේදී ඔබ පෙම්වතියගේ සීමාමායිම්වලට යටත්ද?

මේ වෘත්තිය එහෙම කරන්න පුළුවන් දෙයක්‌ නෙමෙයි කියන එක ගැන ඇයට අවබෝධයක්‌ තියෙනවා.

ප්‍රියන්ත කොළඹගේ ඔබව සිනමා නළුවෙක්‌ කළා කියලත් ආරංචියි.

ඔව්. ඒත් ඉස්‌සෙල්ලම මාව සිනමා නළුවෙක්‌ කළේ උදයකාන්ත වර්ණසූරිය චැලෙන්ජස්‌ චිත්‍රපටය හරහා. ඊළඟට උදාර පල්ලියගුරු සුපර් සික්‌ස්‌ චිත්‍රපටයෙන්. තුන්වෙනියට තමයි ප්‍රියන්ත කොළඹගේ දේදුණු ආකාසෙ චිත්‍රපටය හරහා සිනමා නළුවෙක්‌ කළේ.

වේදිකාවට ගොඩවෙන්න අදහසක්‌ නැද්ද.

දමයන්ති ෆොන්සේකා මහත්මියගෙ ගාස්‌තුව කීයද නාට්‍යයේ මං හරි සතුටින් වැඩකරා. ඇත්තටම ලොකු ආසාවක්‌ තියෙනවා වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙන්න.. මේ තියන කාර්යබහුලකම තමයි ගැටලුවකට තියෙන්නෙ.

නිර්මාණකරණයට යොමුවීමේ අදහසක්‌ බලාපොරොත්තුවක්‌ නැද්ද?
ඒ සඳහා යොමුවෙන්න මම තව පරිණත වෙන්න ඕන. පිටරටකට ගිහින් අවශ්‍ය දැනුම එකතුකරගෙන ඇවිත් මැරෙන්න මොහොතකට කලින් කොහොම හරි නිර්මාණයක්‌ කරනවා.

ජනප්‍රියත්වයත් සමඟ සමහරු හිස උදුම්මවා ගන්නවා. ඉදිරියේදී දසුනුත් එහෙම වෙයිද?

අයියෝ නෑ. මම ෆිල්ඩ් එකට ආපු විදියටම අදත් වැඩකරගෙන යනවා. ඉදිරියේදීත් ඒකෙ වෙනසක්‌ වෙන්නෙ නෑ. මේ දසුන් දසුන්ම තමයි.

හෙට දවස වෙනුවෙන් ඔබේ බලාපොරොත්තු

මා ළඟ අඩුවෙන්ම තියන දේ ගැන තමයි ඔය අහන්නෙ.
ඒත් දක්‍ෂ රංගන ශිල්පියෙක්‌ වීමේ බලාපොරොත්තුව. දැන් මගේ හිතේ ලියලනවා.

ඇඟේ ලේ වතුරවෙන මාරක තරඟය මෙන්න

ප්‍රයිවට් බස් එකක් CTB බස් එකක් එක්ක ගිය ඇඟේ ලේ වතුරවෙන මාරක තරඟය මෙන්න ඒ ත්‍රාසජනක වීඩියෝව…වීඩියෝ කරපු කවුරු උනත් ස්තූතියි බස් එක පාලම් උඩිනුත් එක්ක යයි.පාරේ යන මිනිස්සුන්ට දෙවියන්ගේම පිහිටයි මේ වගේ එවුන්ගේ රියදුරු බලපත්‍ර වහාම අහෝසි කල යුතුයි බලන්නකෝ යන යාමන දඩය ලක්ෂ 20ක් වත් ගහන්න ඕනේ මුන්ට. ඔබගේ අදහස අපත් සමග බෙදා ගන්න අමතක කරන්න එපා අදාළ වීඩියෝව පහලින් ක්ලික් කර බලන්න

 

 

පිරිමින් 7ක් සමඟ මගුල් කෑ සුන්දරී පළමු සැමියා සමග දුන්න සුපිරි ගේම

විවාහය කියන්නේ කාන්තාවකගේ දෙවැනි උපත කිව්වොත් හරියටම හරි එත් ඒ උතුම් විවාහයත් දෙකයි පනහට දාලා පිරිමි 7ක් සමඟ විවාහ වුන කාන්තාවක් පිලිබඳ විදෙස් මාධ්‍ය වාර්තාකර සිටියා ඇයගේ පළමු සැමියා සමඟ එක්ව ක්‍රියාත්මක කල සැලසුම් සියල්ල අවසානයේ හත්වන විවාහයේදී හසුවුණා .පුදුමයට කරුණ නම් මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීමට පොලිසිය යන මොහොතේ ඇය සිය අටවන විවාහයට සුදනමිනුයි සිට තිබෙන්නේ මෙන්න වැඩි විස්තර සහිත වීඩියෝව

 

ඔබේ කන්‍යාපටලය ගැන මේ දේවල් දන්නවාද (කාන්තාවන්ට පමණයි).

මංගල යහනේ දී පිරිමින් ඉල්ලා සිටින කාන්තාවගේ පාරිශුද්ධත්වය තහවුරු කරන කන්‍යාභාවයට 21 වැනි සියවසේදීත් විශාල වටිනාකමක තිබෙන බව සදහන් වෙනවා . අතීතයේ පටන්ම කාන්තාවකගේ කන්‍යාභාවය පරීක්ෂා කිරීම සහ එය තිබිම හෝ නොතිබිම මත පවුල තුළ, සමාජය තුළ කාන්තාවට වටිනාකමක් හිමිවිය.මේ ගැන සම්පූර්ණ විස්තරය පහලින් තියෙන වීඩියෝවෙන් බලන්න..

 

හුරතල් වයසෙදිම වයසක පෙනුමක් ලැබුණු පුංචි දිල්හාරගේ සංවේදී කතාව – Video

“මං කන්න ආසයි මිදි,දොඩං පළතුරු”

“ඉපදෙනකොටත් හොඳට හිටියා ළමයා”

“සතියක් හොඳට හිටියොත් සතියක් අසනීප වෙනවා”

මේ ලෝකේ ජීවත් වන සෑම කෙනෙක්ම ආසයි කතා කරන්න සතුටින් ඉන්න.නමුත් දෛවයේ සරදමක් විදියට ඒ වගේ සතුටින් ජීවිතය ගෙවන්න ඇතැම් අයට හැකි වෙන්නේ නැහැ.

ඉපදී දින කිහිපයක් ගත වූ පසුු රෝගී තත්වයක් වැළදී අසරණ වූ දරුවෙකු පිළිබඳ සංවේදී පුවතක් මාතලේ ගලේවල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මාතලේ ගලේවල දඬුමැදිරුප්ප දේවහූව ප්‍රදේශයේ සුරංග තිලකරත්නට හා රූපවතීට වනසිංහට කුළුදුලේ ලැබුණු දරුසම්පත පුංචි දියණියක්.

පිරිමි දරුවක් බලාපොරොත්තු වුණු මේ යුවළට ඒ අපේක්ෂාව සපල වුණේ මීට වසර 4 මාරකට පෙරයි.

දඹුල්ල මූලික රෝහලේදී මෙලොව එළිය දුටු පුංචි කිරිකැටියා වඩාගෙන ගෙදර එන්න අම්මටයි තාත්තටයි වාසනාව තිබුනේ නැහැ. ඒකට හේතුව වුනේ ඉපදී දින කිහිපයක් යද්දි දරුවා රෝගි තත්වයකින් පෙළෙන බවට වෛද්‍යවරුන් හඳුනාගෙන තිබීමයි.

පසුව දරුවා කොළඹ ළමා රෝහලට මාරු කෙරුණු අතර ඔහු එහිදී කලයක්ම ජීවත් වුණේ වීදුරු පෙට්ටියක් තුළයි.

ඉපදී මාස කිහිපයකට පසුව පුංචි දිස්හාරව ගෙදර එක්කන් එන්න ලැබුණේනම් පුංචි සුරතල් පැටියෙක් හැටියටනම් නොවේ.ඒ දිල්හාරට වැළදුණු රෝගය නිසා.

දිල්හාරගේ අම්මයි තාත්තයි දහසක් බලාපොරොත්තුත් හිතේ දරාගෙන ඇස්වල කඳුළු පුරවගෙන විකෘති වූ දරුවෙක් ගෙදර එක්කර ගෙන එනවා.

ලෝකයේ ඉතාම කලාතුරකින් සිදුවන පුංචි දරුවෙකුට වැඩිහිටියෙකුගේ පෙනුම එන මෙම රෝගී තත්වය සුවපත් කරන්න පුලුවන් වුණත් ඒකට දුප්පත්කම මෙයාලට හරස් වෙලා.

දැනට දිල්හාරගේ වයස අවුරුදු 4 මාරක්, සමාජයට පාසලට මේ පුංචි දරුවා මුහුණ දෙන්නේ කොහොමද.. ?.දිල්හාරගේ අම්මයි තාත්තයි රෑ දවල් කල්පනාකරමින් හූල්ලන එකම ප්‍රශ්නය මෙයයි.

 

එක දිගට නොනවත්වා දෙවතාවක් ලිංගිකව එකතු උනොත් වෙන දේ මෙන්න

එකදිගට දෙවතාවක් ලිංගිකව එකතු වුනොත් වෙන දේ ගැන ඔබ දැනුවත්ද.එසේ කළහොත් වෙන දේ මෙන්න , ඔබත් මේවා දැනගන ඉන්න එක හොදයි .උතුරු මිඞ්ල්සෙක්ස් රෝහලේ වෛද්යරුන් පිරිසක් විසින් මෑතකදී සිදුකරනු ලැබූ පර්යේෂණයක ප‍්‍රතිපල පිළිබඳවයි අපි ඔබව දැනුවත් කරන්නේ.පිරිමින්ගේ සරු බාවය තෙගුණ වෙනවලු .මේ ගැන සම්පූර්ණ විස්තරය පහලින් තියෙන වීඩියෝවෙන් බලන්න..

යාපනයේ විද්‍යා සිසුවිය සමූහ දූෂණය කල වීඩියෝව අන්තර්ජාලයට නිකුත් වේ

යාපනයේ පදිංචිව සිටි සිවලෝගනාදන් විද්‍යා සිසුවිය සමූහ දූෂණයට ලක්කර දමා අමානුෂික ලෙස ඝාතනය කල සිදුවීම ලාංකීය සමාජය මහත් කම්පනයට පත් කල බව අප සියලුදෙනාම හොදාකාරව දනිමු .

දින කිහිපයකට පෙර එම අපරාධය සම්බන්ධයෙන් චෝදනා ලැබූ 07 දෙනෙකුට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මරණ දඩුවම නියම කලා.මේ ගැන සම්පූර්ණ විස්තරය පහලින් තියෙන වීඩියෝවෙන් බලන්න..

 

නංගිට රස කැවිළි දීලා 12 ස් හැවිරිදි අයියා නංගිව දූෂණය කරලා

 

වයස අවුරුදු 4ක දැරියක්ව දුෂණය කල 12 හැවිරිදි සොහොයුරෙකු ගැන විදෙස් මාද්‍ය ප්‍රකාෂ කරනවා.

මෙම සිදුවීම වාර්තා වෙන්නේ එංගලන්තයෙන් , අදාළ කුඩා දැරිය හඩා වැලපෙමින් සිටියදී මව විසින් කල විමසීමකදී මේ බව අනාවරණය වී තිබෙනවා .
එහිදී හෙළිවී ඇත්තේ අදාළ 12 හැවිරිදි අයගේ වැඩිමහල් සොහොයුරා විසින් ඇයව දුෂණය කල ඇති බවටයි .

අදාළ හොහොයුරා අදාළ කාන්තාවගේ පළමු විවාහයේ දරුවකු බවටයි අනාවරණය වී ඇත්තේ , පසුව දොළොස් හැවිරිදි දරුවා විසින් එය දෙමාපියන්ට නොපවසන ලෙස තම සොහොයුරියට පවසා තිබෙනවා.

ඒ සදහා 12 හැවිරිදි දරුවා විසින් කුඩා දැරියට රස කැවිලි ලබා දී ඇති බවයි අනාවරණය වන්නේ .
කෙසේ වෙතත් කුඩා දැරිය මිනිත්තු 45 කට ආසන්න කාලයක් හදා වැලපෙමින් සිටි නිසා මේ පිලිබදව මවට සැක සිතී තිබෙනවා ඒ අනුව මව විසින් කල ප්‍රශ්න කිරීම් වලදී තම සොහොයුරා තමන්ව දුෂණය කල බවට ඇගෙන් අනාවරණය වී තිබුනා .

පසුව මව විසින් මේ පිලිබදව අදිකරණය හමුවේ හෙළිදරවු කිරීමත් සමග අනෙක් දරුවා එය මුලින්ම ප්‍රතික්ෂේප කර තිබෙනවා .
පසුව පොලිසිය විසින් කල විමර්ශන වලින් පසුව එම දොළොස් හැවිරිදි දරුවා විසින් සියල්ල පිළිගෙන ඇති බවද සදහන් , ඒ අනුව අදාළ කරුණ විබාග කල එරට අදිකරණය විසින් ලබා දී තිබෙන දඩුවම වන්නේ වසර දෙකක් පරිවාස බාරයට පත් කිරීමයි . මෙම දඩුවම මොහු හට ප්‍රමාණවත්ද ? ඔබ සිතන්නේ කුමක්ද ඔබගේ අදහස කමෙන්ට් කරන්න අමතක කරන්න එපා
ඔබට සුබ දවසක්