බිරිඳ ලෙඩ වුණ නිසා සැමියා දිවිනසා ගනී දේහය ගෙට ගෙනෙන විට බිරිඳත් මියගිහින්

යාලුවන්ටත් බලන්න Share කරන්න !

තම බිරිඳ රෝගාතුරව සිටින විදිහ ඉවසා ගත නොහැකිවූ පුරුෂයකු ජීවිතය ගැන කලකිරී සියදිවි හානිකර ගෙන ඇති අතර ඔහුගේ දේහය 6 දා සොයාගෙන හදිසි මරණ පරීක්‍ෂණ සිදුකිරීමෙන් පසුව, අදාළ පුද්ගලයාගේ මෘත ශරීරය 07 වැනිදා නිවසට රැගෙන එමින් සිටියදී බිරිඳ එදින 07 වැනිදාම නිවසේදී මියගිය සිද්ධියක්‌ සම්බන්ධයෙන් තඹුත්තේගම නල්ලච්චිය ප්‍රදේශයෙන් අපිට වාර්තා උනා

මෙලෙස මියගොස්‌ ඇත්තේ තඹුත්තේගම නල්ලච්චිය පදිංචිව සිටි එන්. බී. ඒ. සෝමපාල (80) මහතා සහ එම ලිපිනයේම පදිංචි වී සිටින සිටි ඩී. එම්. පුංචි මැණිකේයි.

අවුරුදු හතරක්‌ පමණ ඩී. එම්. පුංචිමැණිකේ මහත්මිය ඔත්පලව සිට ඇත. ඇයව බලාගෙන ඇත්තේ පුරුෂයා විසිනි. පසුගිය 04 වැනිදා සිට බිරිඳ සිහිසුන්ව සිටියදී එය ඉවසාගත නොහැකිවූ පුරුෂයා වන එන්. බී. ඒ. සෝමපාල මහතා කුඹුර අද්දර තිබූ මයිල ගසකට නැග ගෙල වැලලාගෙන සිය දිවි හානි කර ගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම නාගරික හදිසි මරණ පරීක්‍ෂක එන්. හිටිහාමි මහතා පරීක්‍ෂණය පවත්වා සාක්‍ෂි සටහන් කොට පොලිස්‌ විමර්ශන සාක්‍ෂි, පශ්චාත් වෛද්‍ය පරීක්‍ෂණ වාර්තා උපයෝගි කර ගනිමින් මෙම මරණය ජීවිතය ගැන කලකිරී ගෙල වැලලාගෙන සියදිවි හානිකර ගැනීමක්‌ බවට තීරණය විය. මෙම මරණය සම්බන්ධයෙන් පොලිස්‌ සාක්‍ෂි මෙහෙයවූයේ පොලිස්‌ කොස්‌තාපල් (45555) අජිත් මහතා විසිනි.

තඹුත්තේගම – සී. එම්. ආරියපාල

යාලුවන්ටත් බලන්න Share කරන්න !

comments | අදහස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *