මුහුණු පොතේ සටහනක්‌ තබා ජාත්‍යන්තර පාසල් ගුරුවරිය නිවසේදීම ගෙල වැලලාගෙන

යාලුවන්ටත් බලන්න Share කරන්න !

“සියල්ල අවසන්ව යන තැනකි” කියා මුහුණු පොතේ සටහනක්‌ තබා යුවතියක්‌ ගෙල වැලලාගෙන සිය දිවි නසා ගැනීමේ පුවතක්‌ මාලබේ ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙලෙස අවාසනාවන්ත අයුරින් මරණයට පත්වී ඇත්තේ මාලබේ – කහන්තොට පාර පදිංචිව සිටි කැකුලාවල විදානලාගේ නිශාදි දිලූෂා කැකුලාවල නැමැති 30 හැවිරිදි ජාත්‍යන්තර පාසලක ගුරුවරියකි.

පෙරේදා (03 දා) අළුයම සිය නිවසේ උඩුමහලේ බැල්කනියේ සාරි පොටකින් ගෙල වැලලාගෙන සිටි ඇයගේ සිරුර පොලිසියට හමුවූ අතර මියයාමට හේතුව මෙතෙක්‌ අනාවරණය වී නොමැති බව පැවසේ. මෙම යුවතිය මීට දින 05 කට ප්‍රථම තමා සේවය කළ ජාත්‍යන්තර පාසලෙන් ඉල්ලා අස්‌වී ඇති අතර එහි වැඩ වැඩි බව ඇය පවසා ඇත.

කොළඹ විදුහලකින් උසස්‌ පෙළ හදාරා ඇති ඇය මියයනවිට ඡායාරූප ශිල්පය ඇතුළු විෂයයන් තුනකින් ඩිප්ලෝමා තුනක්‌ද ලබා තිබිණි. ඇයගේ මව පවසන්නේ පරිදි මියගිය යුවතිය පාඩම් කටයුතු කෙරෙහි දැඩි වෙහෙසක්‌ දරන අතර අධ්‍යාපනයට එහා ලෝකයක්‌ ඇයට නොතිබූ බවයි. මියයාමට පෙර දින රාත්‍රියේදී ඇය තමා අසල නිදාසිට පසුව මේ ව්‍යසනය කරගෙන ඇති බවද මියගිය යුවතියගේ මව පැවැසුවාය. මියගිය තරුණියගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය එස්‌. ප්‍රනාවන් මහතා පැවැත්වූ අතර එහිදී මියගිය තරුණිය ගෙල සිරකරගෙන තමන්ම දිවිතොර කරගෙන ඇති බවට අනාවරණය විය. මෙහිදී වෛද්‍ය වාර්තා හා සාක්‍ෂි සටහන් මත මියගිය තරුණියගේ මරණය සිය ගෙල වැලලා ගැනීම නිසා සිදුවූ මරණයක්‌ බවට තලංගම දකුණ හදිසි මරණ පරීක්‍ෂිකා ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය නිගමනය කළාය. අතුරුගිරිය පොලිසියේ පොලිස්‌ කොස්‌තාපල් (66716) චාමර මහතා විසින් සාක්‍ෂි මෙහෙයවූ අතර අතුරුගිරිය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

ඔරුවල – සරත් ද සිල්වා

යාලුවන්ටත් බලන්න Share කරන්න !

comments | අදහස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *