කටුනායක Spa එකකට පැනලා යකා නැටුව 3ක් ගිණිඅවියක් එක්ක කොටුවෙයි – CCTV Video

යාලුවන්ටත් බලන්න Share කරන්න !

පානදුර වළාන දූෂණ මර්දන ඒකකය කළ වැටලීමක්….

මෙරට නිෂ්පාදිත ගිණි අවියක් සහ කඩු තුනක් ලඟ තිබිලා…

නීතිවිරෝදී ගිණි අවියක් සම්බන්ද ලැබුණු තොරතුරක් මත පානදුර වළාන දූෂණ මර්දන ඒකකය කළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිණි අවියක් සහ කඩු තුනක් සමග සැකකරුවක් තිදෙනෙකු අද (05) දිනයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වැටලීම සිදුකර ඇත්තේ කටුනායක ප්‍රදේශයේදීයි.

පසුව අනාවරණය වී ඇත්තේ පසුගිය අගෝස්තු මාසයේ කටුනායක 18 කණුව ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක සිදුවූ පිහි ඇනුමට මෙම සැකකරුවන් සම්බන්ධයෙන්ද බවයි.

පානදුර වළාන දූෂණ මර්දන ඒකකය විසින් මෙම සැකකරුවන් තිදෙනා වැඩිදුර විමර්ෂණ සඳහා කටුනායක පොලීසියට භාරදී තිබෙනවා.

පසුගියදා කටුනායක 18 කණුව ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයකදී සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තිබුණා.

පසුගිය ජූලි මාසයේ රාත්‍රි 10.30 ට පමණ පුද්ගලයන් කිහිපදෙනෙකු එම සම්බාහන මධ්‍යස්ථානයට කඩා වැදී එහි සේවය කළ පුද්ගලයාට පහරදී තුවාල සිදුකරන ආකාරය CCTV කැමරා පද්ධතියේද සටහන්ව තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් අප කළ විමසීමකදි තුවාල ලැබූ පුද්ගලයාගේ ඥාතියෙකු කියා සිටියේ පහරදීමට පැමිණි පුද්ගලයන් එම සම්බාහන මධ්‍යස්ථානයේ සේවය කළ තරුණියක රැගෙන යාමට පැමිණ ඇති අතර එම තරුණිය එම ස්ථානයේ නොමැති බව පැවසීමත් සමග උරණ වී ‍මේ පහරදීම සිදුකර ඇති බවයි.

එමෙන්ම මේ පහරදීමට පැමිණි පුද්ගලයන් මීට පෙර සම්බාහන මධ්‍යස්ථානයට පැමිණ සේවා ලබා ගත් අය බවද ඔහු පවසා සිටියා.

යාලුවන්ටත් බලන්න Share කරන්න !

comments | අදහස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *