දෙදෙනෙකු සමඟ එක්ව බිරිඳව ඝාතනය කළ සැමියාට මරණ දඬුවම්

යාලුවන්ටත් බලන්න Share කරන්න !

අනියම් ප්‍රේමයක් නිසා මිතුරන් දෙදෙනෙකු සමඟ එක්ව තම සිව් මස් ගැබිණි බිරිඳගේ ගෙල කපා මරා දැමූ සැමියෙකුට අධිකරණයෙන් ඊයේ(03) දඩුවම් නියම වුණා.

1999 ජුලි මස 4 වැනි දින අවිස්සාවේල්ල- දික්වැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි එරබුදුපොල මුදියන්සේලාගේ මොනිකා රසිකා කුමාරි ගුණතිලක මෙලෙස ඝාතනය කර ඇති අතර ඒ වනවිට ඇය 21වන වියෙහි පසුවූ ගැබිණි කාන්තාවක්.

වසර 4ක ප්‍රේමයෙන් පසුව රසිකා තම පෙම්වතා වූ චන්ද්‍ර කුමාර සමඟ විවාහ වී තිබෙනවා.

බිරිඳ ගැබ් ගැනීමෙන් පසු ඔහු අනියම් පෙමක පැටලුනේ අවිස්සාවේල්ල කර්මාන්තපුරයේ තරුණියක් සමඟයි.

පසුව ඔහු තම මිතුරන් දෙදෙනකු සමඟින් ගැබිනි බිරිඳ ඝාතනය කිරීමට සැලසුම් කළේ අනියම් බිරිඳ විවාහ කර ගැනීමේ අරමුණින්.

ඒ අනුව අදාළ දිනයේ ඇසළ උත්සවය නැරඔීමට රැගෙන යන බව පවසා සැමියා විසින් බිරිඳව රැගෙන ගොස් තිබෙනවා.

අවිස්සාවේල්ල බස් රථයකින් පැමිණ දැරණියගල මාර්ගයේ තිබූ රබර් වත්තක් ආසන්නයෙන් බැස පළමුව ඇයව ගෙන ගොස් ඇත්තේ එම වත්ත අතුලටයි.

එහිදී ඔහු තම මිතුරන් දෙදෙනා හා එක්ව රසිකාගේ ගෙල කපා මරා දමනු ලැබුවා.

ඇය පැළඳ සිටි රන් අභරණද ඔවුන් විසින් පැහැරගෙන, මළ සිරුර එහි දමා ගොස් තිබූ බව සඳහන්.

රබර් වත්ත අසල නිවසක සිටි කාන්තාවක් මළසිරුර දැක දැරණියගල පොලිසියට මේ පිලිබඳ පැමිණිලි කර තිබෙන අතර පොලිසිය මුලින් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී වරදකරු ප්‍රකාශ කර ඇත්තේ තම බිරිඳ දින කිහිපයක සිට අතුරුදන් වී ඇති බවයි.

පසුව සිදුකල පරීක්ෂණ වලදී ස්වාමිපුරුෂයා විසින් මෙම ඝාතනය සිදුකළ බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

වරදකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර අනෙක් දෙනෙනා පැනගොස් ඇති බව පොලිසිය සඳහන් කළා.

පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ වරදකරු විසින් මිතුරන් දෙදෙනාට මත්පැන් බෝතලයක් සහ රුපියල් 500ක මුදලක් බිරිඳ ඝාතනය කිරීමේ ගාස්තුව වශයෙන් ගෙවා ඇති බවයි.

ඒ අනුව එම පුද්ගලයා සබරගමුව පළාත්බද මහාධිකරණය වෙත ඉදිරිපත්කර ඇති අතර එහිදී මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල සඳහන් කලේ රන් භාණ්ඩ සොරා ගත් හෙයින් එක් අයෙකුට රු 5000 බැගින් වූ දඩයක් සහ වසර 3ක සිර දඬුවම්ද, එය නොගෙවන්නේනම් තවත් මස 3ක ලිහිල් සිර දඬුවම්ද ඔවුන් තිදෙනාටම නියම කරන බවයි.

එමෙන්ම මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ හෙයින් තිදෙනාටම මරණ දඬුවම නියම කර තිබෙන අතර පැනගිය අනෙක් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කර තිබෙනවා.

යාලුවන්ටත් බලන්න Share කරන්න !

comments | අදහස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *