ඉතාමත් සුළු පිරිසක් පමණක් දන්නා පුදුම හිතෙන ජංගම දුරකථන උපක්‍රම 8 ක්

යාලුවන්ටත් බලන්න Share කරන්න !

ඔබ දැන නොසිටි ස්මාර්ට්ෆෝන් උපක්‍රම 8ක් අද දවසේ අපි ඔබට ගෙන එන්න තමයි මේ සුදානම් වෙන්නෙ.

වේගයෙන් චාජ් කරගන්නෙ මෙහෙමයි
ඔබේ දුරකථනයේ බැටරිය ඉතා අඩු අගයක තියෙද්දි ඔබට එය ඉක්මනින් චාජ් කරගන්නට අවශ්‍ය නම් Airplane Mode on කරලා චාජ් වෙන්න ඉඩ හරින්න. තකොට එය සාමාන්‍ය මට්ටමට වඩා වේගයෙන් චාජ් වෙන ආකාරය ඔබට දැක ගන්නට පුළුවන් වේවි.ඒ වගේම කළු පැහැති Wallpaper එකක් භාවිතා කිරීම හෝ දුරකථන තිරය වසා දමා චාර්ජ් කිරීම මේ සඳහා තවත් ක්‍රම වෙනවා.

ටයිප් කරපු දෙයක් ඉක්මණින් මකා දමන හැටි
ඔබට තිබෙන්නේ iphone එකක් හෝ ipad එකක් නම් ඔබ කිසිවක් ටයිප් කලාට පසු එය මකා දමන්නට අවශ්‍ය වූ විට කළ යුත්තේ දුරකථනය මඳක් දෙපසට සෙලවීමයි. ඉන්පසු Undo බොත්තම ක්ලික් කරන්න.

ඇප් වලින් එන වෙළඳ දැන්වීම් නවත්වා දමන හැටි
නොමිලේ ලබාදෙන ඇප්ස්වල නිතරම තිරය මතට පැමිණෙන වෙළඳ දැන්වීම් දකින්නට ලැබෙනවා. මේවා නිසා ලැබෙන අත්දැකීම අවුල් සහගත නිසා වගේම මුදල් ගෙවා එහි වෙළෙඳ දැන්වීම් නොමැති ඇප් වර්ශන් එකත් අවශ්‍ය නැත්නම් කරන්නට ඕනේ airplane mode mode එක on කරලා app එක භාවිතා කිරීමයි. එවිට කිසිදු වෙළද දැන්වීමකින් දිස්වන එකක් නැහැ.

ඉන්ටර්නෙට් නැති වෙලාවක බලන්න වෙබ් අඩවියක් සේව් කරගන්නා හැටි
ඔබට හැම විටම අන්තර්ජාල පහසුකම් නැත්නම් බස් එකේදි කියවන්න හොඳ ලිපියක් අහු වුණොත් එය Save කර ගන්නට නම් Chrome වෙබ් බ්‍රවුසරයේ දකුණු පස ඉහළ ඇති තිත් තුනක් වැනි අයිකනය මත ක්ලික් කරලා ලැබෙන මෙනුවෙන් Download icon එක click කරන්න. එවිට ඔබ දැනට සිටින වෙබ් පිටුව සුරැකෙන අතර පසු අවස්ථාවක එම වෙබ් ලිපිනයට යාමෙන් එය අන්තර්ජාලය රහිතවම ඔබට බලන්නට පුළුවන්.

නින්ද ගියාම සින්දු ඉබේම Off කරගන්න
සින්දු අහන අතරතුර දුරකථනයේ තිබෙන ක්ලොක් ඇප් එකේ ටයිමරය වෙත ගියාම ඇතැම් දුරකථනවල දෙන ලද කාලයකට පසු වාදනය වන සංගීතය නවතා දමන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම බොහෝ දුරකථන වල සින්දු අහන ඇප් එකේම Settings හරහා මෙය කරගන්නට පුළුවන්.

පරිගණකයේ මවුස් එක Phone එකෙන් පාලනය කරන්න
ඔබේ පරිගණකය සහ දුරකථනය එකම වයිෆයි ජාලයකට සම්බන්ධ වී තිබෙනවා නම් හෝ Bluetooth හරහා සම්බන්ධ වී එහි Mouse එක සහ Keyboard එක පාලනය කරන්නට අවශ්‍ය නම් ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් තිබෙන ඔබ කළ යුත්තේ Wifi Mouse කියන ඇප් එක ඉන්ස්ටෝල් කර ගැනීමයි. ඔබට තිබෙන්නේ iphone එකක් නම් Air Mouse ඇප් එක පාවිච්චි කරන්න පුළුවන්.

ෆෝන් එක ලඹයක් විධියට පාවිච්චි කරන හැටි
විවිධ මතුපිටවල හෝ බිත්තිවල තිබෙන හැඩයන් සොයාගන්නට භාවිතා කරන ලඹය ඔබේ දුරකථනයෙන් පාවිච්චි කරන්නට පුළුවන් බව ඔබ දැන සිටියාද? Bubble level ඇප් එක දාගත්තා නම් වැඩේ හරි.

ඔබ අහන සින්දුවේ නම හොයාගන්න හැටි
බස් එකේ හෝ ටීවී එකේ යන සින්දුවක් මොකක්ද කියලා ඔබට හරියටම හිතාගන්න බැරි නම් Playstore එකෙන් Soundcloud app එක install කරගන්න. එහි තිබෙන විශාල බොත්තම ඔබපු ගමන් තත්පර කිහිපයක් ඇතුලත ඔබට ඇසෙන සින්දුවේ නම, එහි වචන මෙන්ම එය බාගත කරගන්නට වෙබ් අඩවියක් ද සොයා දෙන්නටත් එයට පුළුවන්.

ඉතින් මේ දේවල් වලින් ඔබ යමක් ඉගෙන ගත්තා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න ශෙයා කරන්න. ඔබට සුභ දවසක්!

පිටපත | තඹරු විජේසේකර

යාලුවන්ටත් බලන්න Share කරන්න !

comments | අදහස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *