නිරෝගී පුද්ගලයෙක් දිනකට මුත්‍රා කීවරක් පිට කල යුතුද සැම කෙනෙක්ම මෙම ලිපිය කියවන්න

යාලුවන්ටත් බලන්න Share කරන්න !

මුත්‍රා පිටවිම ක්‍රමවත්ව සිදු වනවාද නැද්ද යන්න පිළිබදව අද බොහෝ දෙනා දැනුවත් වි නැති තරම්.

මුත්‍රා පිටවිය යුත්තේ කෙසේද, ප්‍රමාණය, කාල පාරාසය, පිටවන ආකාරය, මෙන්ම මුත්‍රා ආශ්‍රිත රෝග පිළිබඳව ඔබ දැනුවත් කිරිමට යනාදිය පිළිබදව ඔබ දැනුවත් කිරිමට අද අප හා එක්වනුයේ ජාතික රෝහලේ මෞත්‍ර ලිංගික රෝග පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය නෙවිල් පෙරේරායි.

සාමාන්‍ය නිරෝගී පුද්ගලයකුට පැය 4 – 5 කට වතාවක් මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය දැනෙන අතර මුත්‍රා කිරීමේදී කිසිදු අවහිරයක් නොමැතිව මුත්‍රා ප්‍රමාණය ගලා ගෙන යෑමක් සිදුවිය යුතුයි. ඒ ආකාරයට සිදු නොවුණොත් රෝගයක මූලික ලක්‍ෂණ ලෙස හැඳින්විය හැකියි.

මුත්‍රා අමාරුවක් හටගැනීමේදී ඇතිවන රෝග ලක්‍ෂණ මොනවාද?

මූලික රෝග ලක්‍ෂණ වන්නේ මුත්‍රා කිරීමට අපහසුතාවයයි. මුත්‍රා කිරීමට අවශ්‍ය වුවත් මුත්‍රා කිරීමට ආරම්භ වන්නේ ටිකක් ප්‍රමාද වීමෙන් පසුවයි. ඇතැම් විට තටමමින් ටික වේලාවකට පසු මුත්‍රා පිටවන්නෙට පටන් ගන්නවා. සාමාන්‍යයෙන් අවුරුදු 45 පසුවූ පසු මෙවැනි රෝග ලක්‍ෂණ මතුවනවා. එවිට ඔවුන් සිතන්නේ මේ තත්ත්වය වයසත් සමඟ ඇතිවන ප්‍රශ්නයක් යැයි සිතා එතරම් තැකීමක් කරන්නේ නැහැ. නමුත් මෙය රෝග ලක්‍ෂණයක්. ඕනෑම වයස් සීමාවක අවුරුදු 70 – 80 වුවත් මුත්‍රා රෝගයක් නොමැති ඕනෑම කෙනෙකුට මුත්‍රා එක දිගට ගලා යාමක් සිදුවනවා. එමනිසා එකවර මුත්‍රා පහව නොයනවා නම් එය රෝගයක ලක්‍ෂණයක්.

ම තවත් රෝග ලක්‍ෂණයක් වන්නේ මුත්‍රා කඩින්කඩ පහවීම සාමාන්‍යයෙන් මුත්‍රා ප්‍රවාහය තත්පර 30 – 40 කාලයක් තුළදී අවසාන විය යුතුයි. සමහරුන්ට මුත්‍රා පිටවන්නේ කඩින් කඩ. ඒ නිසා තත්පර 30 – 40 වඩා කාලයක් ටික ටික උත්සාහයෙන් මුත්‍රා යවා ගත යුතු තත්ත්වයක් උදාවනවා.

ම තවත් රෝග ලක්‍ෂණයක් වන්නේ අධික මුත්‍රා දැවිල්ල. මුත්‍රා පිටවීමේදී ගිනි වතුර පිටවනවා සේ දැවිල්ලක් ඇතිවනවා.

ම මුත්‍රා බර දැනුණු විට අවට පරිසරය ඒ සඳහා සූදානම් නොමැති නම් ස්වභාවධර්මයා විසින් මුත්‍රාශය තුළ මුත්‍රා රඳවාගෙන සිටීමට ශක්තියක් තිබෙනවා. සාමාන්‍යයෙන් පැය 1/2 ක් හෝ පැයක් අතර කාලයක් රඳවාගෙන සිටිය හැකියි. මුත්‍රාශයේ ක්‍රියාකාරීත්වය අනුව සංඥාවක් එනවා මුත්‍රා කිරීමට අවශ්‍ය බව.

නමුත් ඒ මොහොතේ වැසිකිළියට යාමට අවශ්‍ය නැහැ. ස්වභාවයෙන් මුත්‍රාශය තුළ මි. ලී. 150 පමණ එකතු වනතුරු දරාගැනීමට හැකියාවක් තිබෙනවා. (සාමාන්‍යයෙන් මුත්‍රාශය තුළ මි. ලී. 400 පමණ එකතු විය යුතුයි.) නමුත් යම් යම් රෝගවලදී මේ දරාගැනීමේ ශක්තිය නොමැති වනවා. මෙලෙස රෝගී වූ අයට දරාගැනීමේ ශක්තිය නොමැති නිසා එතනම මුත්‍රා යන්නට පුළුවන්. එසේ නොමැති නම් වැසිකිළියට යද්දී මගදීම යනවා.

සාමාන්‍යයෙන් වයස 45 පසු සමහර අයට මුත්‍රා සහ ලේ පිටවනවා. එය බොහෝ විට මුත්‍රා පද්ධතියේ පිළිකා රෝග ලක්‍ෂණයක්. මුත්‍රා සමඟ ලේ පිටවීමේදී දැවිල්ලක් ඇතිව හෝ දැවිල්ලක් නොමැතිව ලේ සමඟ මුත්‍රා පිටවනවා. බොහෝ දුරට දැවිල්ලක් නොමැතිව ලේ සමඟ මුත්‍රා පිටවීම පිළිකා රෝග ලක්‍ෂණයක්. නමුත් වේදනාවක් ඇතිව රතුපාටට මුත්‍රා පිටවනවා නම් එය බොහෝ අවස්ථාවලදී මුත්‍රා ආසාදනයක් ලෙස සැළකිය හැකියි.

විශේෂයෙන්ම කුඩා පිරිමි දරුවන්ගේ මුත්‍රා වේගවත් ලෙස පිටවිය යුතුයි. එසේ නොවන්නේ නම් උත්පත්තියේ සිටම එය මුත්‍රා මාර්ගයේ හිරවීමක් බවට සනාථ වන්නට පුළුවන්. උත්පත්තියේදීම දරුවාගේ මුත්‍රා මාර්ගයේ මස් වැදලි තිබෙනවා. මේ මස්වැදලි නිසා මුත්‍රා ගමන් කිරීම අවහිර වනවා. වේගය අඩුවෙනවා. එවිට දරුවා තටමමින් මුත්‍රා කිරීමට නිරායාසයෙන් පෙළඹෙනවා. මෙම රෝගී තත්ත්වය හොඳින් විමසා බැලිය යුතුයි. ඉක්මන් ප්‍රතිකාර කළ යුතුයි. නැතිනම් අනාගතයේදී වගුකඩු අකර්මන්‍ය වීමට ඉඩ තිබෙනවා.

මුත්‍රා බැහැරවීමේ වේගය අඩුවීමක් ඇතිවනවා නම් මුත්‍රා මාර්ගයේ විෂබීජයක් ඇතුල්වී මුත්‍රා මාර්ගයේ කැලැල් ඇතිවනවා. එය ඇතිවන්නේ මුත්‍රා මාර්ගය ඇතුලේ. මුත්‍රා මාර්ගය බටයක් ආකාරයෙන් පිහිටා ඇති නිසා බටේ සිදුර කුඩා වනවා. තරුණ වයසේ පසුවන්නෙක් (අවුරුදු 20 – 25) මුත්‍රා ප්‍රවාහය ඉතා අඩු වශයෙන් සිදුවන බව පවසනවා නම් එය සමහර විට සමාජ රෝග නිසා වන්නට පුලුවන්. පිරිමි අයගේ මුත්‍රා මාර්ගය පිහිටා ඇත්තේ මතුපිට නිසා ඇතැම් විට බයිසිකල් පැදීමේදී බයිසිකල් බාර් එක මතට තැලුණොත් මුත්‍රා මාර්ගය තැලෙනවා. කාලයක් ගිය පසු මුත්‍රා මාර්ගය වැසෙන්නට පටන් ගන්නවා.

වයස් ගතවීමේදී ඇතිවන තවත් ප්‍රශ්නයක් තමයි පුරස්ථි ග්‍රන්ථියේ ඇතිවන රෝගී තත්ත්වය. පුරස්ථි ග්‍රන්ථීය යනු ශුක්‍රාණු සඳහා පෝෂණය ලබාදීමට තරලයක් ශ්‍රාවය වන ග්‍රන්ථියක්. වයසත් සමඟ ඒ කාර්ය ඉෂ්ට වීමෙන් පසු ක්‍රමයෙන් මේ ග්‍රන්ථීය විශාල වන්නට පටන් ගන්නවා. පුරස්ථි ග්‍රන්ථිය මැද්දෙන් මුත්‍රා මාර්ගය ගමන් කරනවා. එවිට පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීමෙන් මුත්‍රා මාර්ගය හිරවීමට ලක්වනවා.

වයස්ගත කාන්තාවන්ට මුත්‍රා කිරීම අපහසු වන්නේ ඔසප් වීම අවසන් වූ පසු සිරුරේ නිපදවන හෝර්මෝන අඩුවීමෙන් මුත්‍රා මාර්ගය ඇකිලීමකට ලක්වෙන නිසා මුත්‍රා සමඟ රුධිරය පිටවීම අතිශයින් භයානක රෝග ලක්‍ෂණයක්. එය පිළිකාවක ලක්‍ෂණයක්. මෙවැනි අවස්ථාවකදී වෛද්‍ය විද්‍යාවේ නීතියක් තිබෙනවා, මෙම තත්ත්වය පිළිකාවක් නොවන බව පරීක්‍ෂණවලින් ඔප්පු වනතුරු පිළිකාවක් ඇති බව සිතා දිගටම පරීක්‍ෂණ කළ යුතුයි.

මුත්‍රා ආශි‍්‍රත රෝග හඳුනා ගැනීමට කළ යුතු පරීක්‍ෂණ මොනවාද?

මූලික වශයෙන් මුත්‍රා පරීක්‍ෂණයක් Urine Full Report කළ යුතුයි. මුත්‍රාවල විෂබීජ තිබේද, මුත්‍රාවල ලේ තිබේද? මුත්‍රාවල විෂබීජයක් තිබේ නම් දිය යුතු ඖෂධ මොනවාද යන්න පළමුව සොයා බැලීමට Urine Culture මුත්‍රා කල්චර් ඛ්ලම නැමැති පරීක්‍ෂණ කළ යුතුයි. පසුව වකුගඩුවලට මේ ප්‍රශ්නය බලපා ඇත්දැයි සොයා බැලීම සඳහා Blood Urea ක්‍රියැටිනින් නැමැති ලේ පරීක්‍ෂණ කළ යුතුයි. පසුව උදරයේ X – Ray එක්ස් රේ පරීක්‍ෂණයක් කළ යුතුයි. මේ X – Ray පරීක්‍ෂණ හරහා මුත්‍රාශයේ හෝ මුත්‍රා මාර්ගයේ ගල් තිබේදැයි පරීක්‍ෂා කර ගත හැකියි. පිළිකා සෛලවලින් යම් යම් වෙනස්කම් කටුවල ඇතිවී ඇත්දැයි සොයාගත හැකියි.

වඩාත්ම වැදගත් පරීක්‍ෂණය වන්නේ අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්‍ෂණයයි. නමුත් එය කළ යුත්තේ මුත්‍රා මාර්ගයට අවශ්‍ය දත්තයන් ලබාගත හැකි අයුරින්. සමහර විට Ultra Sound පරීක්‍ෂණයට රෝගයක් නැතැයි සඳහන් වනවා. නමුත් එයින් මුත්‍රා රෝගවලට සෑහීමකට පත්විය යුතු වන්නේ නැහැ. ඒ නිසා පළපුරුදු විශේෂඥ වෛද්‍යවරයකුගෙන් Ultra Sound Scan එක කර ගත යුතුයි.

වෛද්‍යවරයා විසින් මුත්‍රා රෝග සඳහා ඒ ප්‍රදේශයේ සියල්ලම ආවරණය වන පරිදි අදාළ ඉන්ද්‍රියන් පිළිබඳව සවිස්තර වාර්තා ඇතුළත් උදරයේ Ultra Sound Scan එකක් අවශ්‍ය බව දන්වා යැවිය යුතුයි. එවිට පිළිකා, පුරස්ථි ග්‍රන්ථිය, වකුගඩු නරක් වී ඇත්ද ආදිය පිළිබඳව සවිස්තර වාර්තාවක් දැනගත හැකියි. සාමාන්‍යයෙන් උදරයේ Scan එකක් කිරීමෙන් පමණක් මේ දත්තයන් ලබාගත නොහැකියි.

Ultra Sound පරීක්‍ෂණය බොහෝ අය කළත් එම පරීක්‍ෂණයෙන් සාර්ථක දත්ත ලබා ගත හැකි වන්නේ පළපුරුදු වෛද්‍යවරයෙකුගෙන් පමණයි. එය සත්‍යතාවය තීරණය වන්නේ Ultra Sound යන්ත්‍රයේ ප්‍රමිතිය සහ කරන්නාගේ පළපුරුද්ද මත හේතුව වෛද්‍යවයා රෝගය තීරණ ගන්නේ Ultra Sound Scan පරීක්‍ෂණයෙන් දැක්වෙන දත්තයන් මත නිසා.

මෙම සුවිශේෂ වූ උතබපච Ultra Sound Scan පරීක්‍ෂණය නම් කරන්නේ කුමක් ලෙසද?

Ultra Sound Scan of K. U. B. (Kindey Ureter Bladder) නමින් සඳහන් කළ යුතුයි. එවිට වකුගඩුව සහ මුත්‍රා මාර්ගය ආශි‍්‍රත සියලුම දත්තයන් මෙයට අඩංගු වනවා. මෙය තමයි වැදගත්ම පරීක්‍ෂණය ලෙස සැලකිය හැක්කේ.

එසේම මුත්‍රාශයේ යම් යම් ප්‍රශ්න තිබෙනවා නම් තවත් වැදගත් පරීක්‍ෂණයක් තිබෙනවා. එය endoscopy පරීක්‍ෂණය. මෙය හඳුන්වන්නේ Cystoscope පරීක්‍ෂණය ලෙසයි. මුත්‍රාශය ආශි‍්‍රත පෙදෙස හිරිවැටීමකට ලක්කර පොඩි උපකරණයක් මුත්‍රා මාර්ගයට ඇතුළත් කර මුත්‍රාශය තුළ ඇති සියලුම තත්ත්වයන් දැකබලා ගත හැකියි.

එවිට මුත්‍රාශයේ ඇතුළේ ඇති පිළිකා, ගල්, පුරස්ථි ග්‍රන්ථියේ විස්තර මේ සියල්ලම බලන්න පුළුවන්. Scan පරීක්‍ෂණවලින් මතුවන සැකයක් ඇත්නම් එය ස්ථිර කර ගැනීම සඳහා.

මුත්‍රා අඩස්සිය යනු කුමක්ද?

මුත්‍රා අඩස්සිය යනු මුත්‍රා පහවීම නතර වීමයි. මුත්‍රා කැඩි කැඩී පිටවීම, සෙමින් පිටවීම ආදියට නිසි ප්‍රතිකාර නොගැනීමෙන් අවසානයේදී උදාවන තත්ත්වයයි. අඩස්සිය යනු සාමාන්‍යයෙන් මුත්‍රා පිටවිය යුතු කාලසීමාව වන පැය 4 – 5 කාලයක (මුත්‍රා පිරුණට පසු) මුත්‍රා පිටනොවනවා නම් එය මුත්‍රා අඩස්සියයි.

නිරෝගී පුද්ගලයෙක් දිනකට කී වතාවක් මුත්‍රා කළ යුතුද?

සාමාන්‍යයෙන් මුත්‍රා පිරීමේ වේගය පැයකට මි. ලී. 60 යි. මුත්‍රාශයේ පරිමාව 350 හෝ 360 වනවා. එවිට දවසට 4 – 5 වතාවක්වත් මුත්‍රා කිරීම කළ යුතුයි.

රාත්‍රී කාලේයදී අවම වශයෙන් පැය 6 – 7 – 8 නිදාගන්නා පුද්ගලයකු මුත්‍රා කිරීම කළ යුතු වන්නේ කොතරම් කාලයක් තුළදීද?

රාත්‍රී කාලයේදී නිපදවන මුත්‍රා ප්‍රමාණය දවල් කාලයේ නිපදවන මුත්‍රා ප්‍රමාණයට වඩා අඩුයි. ස්වභාවධර්මය සකස් වී ඇත්තේ ඒ ආකාරයෙන්. ඒ මිනිසාට සුවදායක නින්දකට යොමුකිරීම සඳහා සාමාන්‍යයෙන් මි. ලී. 350 – 360 අතර තිබෙන නිසා උදේ වනතුරු නැගිට මුත්‍රා කිරීමට අවශ්‍ය නැහැ. නමුත් රාත්‍රියේදී නින්ද කැඩී අවදි වී මුත්‍රා බරක් ඇතිවේ නම් එයත් රෝග ලක්‍ෂණයක්. එය බොහෝදුරට දියවැඩියාව රෝග ලක්‍ෂණයයි.

සීතල දිනවල වායුසමනය කළ කාමරවල සිටින අයට අධික ලෙස මුත්‍රා පිටවන්නේ ඇයි?

සීත කාලයට දහඩිය දැමීම අඩුයි. දහඩිය තුළින් සිරුරේ ජල ප්‍රමාණයක් ඉවතට යනවා. දහඩිය දැමීම අඩු වූ විට මුත්‍රා ලෙසින් ඒ දහඩිය පිටවීම සිදුවනවා. වායුසමනය කළ කාමර තුළදීත් සිදුවන්නේ ඒ තත්ත්වයයි.

ශරීරයේ ජලය අපවිත්‍ර ද්‍රව්‍ය ඉතිරි වන්නේ මුත්‍රා සහ දහඩිය මගින් වන නිසා දහඩිය අඩුවෙන් පිටවන දිනවලදී මුත්‍රා පිටවීම වැඩිවනවා. නමුත් රාත්‍රිය 7 – 8 ගමනක් නැගිට නින්ද බාධා වී මුත්‍රා පිටවන්නේ නම් එය රෝගයක්. සාමාන්‍යයෙන් අවුරුදු 45 පසු වූ විට රාත්‍රීයේදී එක් වරක් පමණක් මුත්‍රා කිරීමට යෑම රෝගයක් නොවෙයි. රාත්‍රියේ නිතර මුත්‍රා කිරීම, දියවැඩියාව, පුරස්ථි ග්‍රන්ථියේ රෝග සහ ස්නායු රෝග නිසා සිදුවනවා.

දීප්ති ෆොන්සේකා මහත්මිය

ස්තුතියි ඔබට සුබ දවසක්

යාලුවන්ටත් බලන්න Share කරන්න !

comments | අදහස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *