හුරතල් වයසෙදිම වයසක පෙනුමක් ලැබුණු පුංචි දිල්හාරගේ සංවේදී කතාව – Video

යාලුවන්ටත් බලන්න Share කරන්න !

“මං කන්න ආසයි මිදි,දොඩං පළතුරු”

“ඉපදෙනකොටත් හොඳට හිටියා ළමයා”

“සතියක් හොඳට හිටියොත් සතියක් අසනීප වෙනවා”

මේ ලෝකේ ජීවත් වන සෑම කෙනෙක්ම ආසයි කතා කරන්න සතුටින් ඉන්න.නමුත් දෛවයේ සරදමක් විදියට ඒ වගේ සතුටින් ජීවිතය ගෙවන්න ඇතැම් අයට හැකි වෙන්නේ නැහැ.

ඉපදී දින කිහිපයක් ගත වූ පසුු රෝගී තත්වයක් වැළදී අසරණ වූ දරුවෙකු පිළිබඳ සංවේදී පුවතක් මාතලේ ගලේවල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මාතලේ ගලේවල දඬුමැදිරුප්ප දේවහූව ප්‍රදේශයේ සුරංග තිලකරත්නට හා රූපවතීට වනසිංහට කුළුදුලේ ලැබුණු දරුසම්පත පුංචි දියණියක්.

පිරිමි දරුවක් බලාපොරොත්තු වුණු මේ යුවළට ඒ අපේක්ෂාව සපල වුණේ මීට වසර 4 මාරකට පෙරයි.

දඹුල්ල මූලික රෝහලේදී මෙලොව එළිය දුටු පුංචි කිරිකැටියා වඩාගෙන ගෙදර එන්න අම්මටයි තාත්තටයි වාසනාව තිබුනේ නැහැ. ඒකට හේතුව වුනේ ඉපදී දින කිහිපයක් යද්දි දරුවා රෝගි තත්වයකින් පෙළෙන බවට වෛද්‍යවරුන් හඳුනාගෙන තිබීමයි.

පසුව දරුවා කොළඹ ළමා රෝහලට මාරු කෙරුණු අතර ඔහු එහිදී කලයක්ම ජීවත් වුණේ වීදුරු පෙට්ටියක් තුළයි.

ඉපදී මාස කිහිපයකට පසුව පුංචි දිස්හාරව ගෙදර එක්කන් එන්න ලැබුණේනම් පුංචි සුරතල් පැටියෙක් හැටියටනම් නොවේ.ඒ දිල්හාරට වැළදුණු රෝගය නිසා.

දිල්හාරගේ අම්මයි තාත්තයි දහසක් බලාපොරොත්තුත් හිතේ දරාගෙන ඇස්වල කඳුළු පුරවගෙන විකෘති වූ දරුවෙක් ගෙදර එක්කර ගෙන එනවා.

ලෝකයේ ඉතාම කලාතුරකින් සිදුවන පුංචි දරුවෙකුට වැඩිහිටියෙකුගේ පෙනුම එන මෙම රෝගී තත්වය සුවපත් කරන්න පුලුවන් වුණත් ඒකට දුප්පත්කම මෙයාලට හරස් වෙලා.

දැනට දිල්හාරගේ වයස අවුරුදු 4 මාරක්, සමාජයට පාසලට මේ පුංචි දරුවා මුහුණ දෙන්නේ කොහොමද.. ?.දිල්හාරගේ අම්මයි තාත්තයි රෑ දවල් කල්පනාකරමින් හූල්ලන එකම ප්‍රශ්නය මෙයයි.

 

යාලුවන්ටත් බලන්න Share කරන්න !

comments | අදහස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *