ගණිකා නිවාසයක් වටලා දෙදෙනෙකු අත්අඩංගුවට

යාලුවන්ටත් බලන්න Share කරන්න !

බත්තරමුල්ල කොස්වත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමණාකරු සහ ගණිකා වෘත්තියේ යෙදී සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුලී පදනම මත ලබාගත් දෙමහල් නිවසක මෙම ගණිකා නිවස පවත්වාගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පරිගණක අලුත්වැඩියා කරන ස්ථානයක් ලෙසට මෙම ස්ථානය පවත්වාගෙන ගොස් තිබෙනවා.

තලංගම පොලිසියේ දුෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයාට ලැබුනු තොරතුරකට අනුව දීර්ඝ කාලයක් සිදු කළ විමර්ශණයෙන් අනතුරුවයි වැටලීම සිදුකර ඇත්තේ.

පොලිස් උපාය දුතයෙකු යොදවා වැටලීම සිදුකර ඇති අතර ඔහු සමග සිටි වයස අවුරුදු 33 ක කාන්තාවක් මෙහිදී අත්අඩංගුවට ගැනුනා.

වැටලීම සිදුවන අවස්ථාවේ නිවසින් පැන ගොස් සැගවී සිටි එම ස්ථානයේ කළමණාකරු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

සැකකරුවන් අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

යාලුවන්ටත් බලන්න Share කරන්න !

comments | අදහස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *